තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල - දෙවන කාණ්ඩය

ජාතික මහා ක්‍රීඩා උළලෙ මෙවර කාණ්ඩ හයක් යටතේ සිදු කිරීමට බලාපොරොත්තු වන අතර එහි දෙවන කාණ්ඩය ඊයේ (17) ගාල්ල දඩැල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති වොලිබෝල් තරඟ ඉසව්වෙන් ආරම්භ කෙරිණි.

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ නෙට්බෝල් තරග මාතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී, කඹ අදීමේ තරග ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩාංගනයේ දී සහ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරග හික්කඩුව නගර සභා ක්‍රීඩාංගනයේ දී අද ( ජූලි 18) වන දින පෙරවරු 8.30 ට ආරම්භ  විය.

නෙට්බෝල් තරග සඳහා එක් කණ්ඩායමකට 12 බැගින් පළාත් 09 නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 108ක් සහභාගී විය.ජාතික මහා ක්‍රීඩා උළෙලේ  දක්ෂතම නෙට්බෝල් ක්‍රීඩිකාව සඳහා "නෙට්බෝල් රැජින කිරුළ" පිරිනැමීමට නියමිත අතර  නෙට්බෝල් මූලික තරගය උතුරු පළාත සහ උතුරු මැද පළාත අතර ආරම්භ විය. 5330 ක් ලෙස විශිෂ්ට ජයක් උතුරු පළාත හිමිකර ගත්තේය.

සබරගමුව සහ මධ්‍යම පළාත අතර තිබූ තරගයෙන් මධ්‍යම පළාත ද බස්නාහිර සහ නැගෙනහිර පළාත අතරින්  බස්නාහිර පළාත ද දකුණ සහ ඌව පළාත අතරින් දකුණ පළාත ජය හිමිකර ගත්හ. 49 වන ජාතික මහා ක්‍රීඩා උළලේ නෙට්බොල් අවසන් තරගය 2025 ජූලි 20 වන දින මාතර දිස්ත්‍රික් ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

කඹ ඇදීමේ තරගය සඳහා එක් පළාතක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 10 ක් සහභගී වන අතර ක්‍රීඩකයින් 8 ක් තරගය සඳහා සහභාගී කරවනු ලබයි. පළාත් 09 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 180ක් මෙහිදී සහභාගී වේ.

කඹ ඇදීමේ අවසන් තරගය 2025 ජූලි මස 19 වන දින ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ.

සහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය අද (ජූලි 18) දින  හික්කඩුව නගර සභා ක්‍රීඩාංගනයේ දී ආරම්භ කෙරුණි. 2025.07.18 වන දින පැවැත්වූ කාන්තා සැහැල්ලු පන්දු තරගාවලියේ උතුරු මැද පළාතට එරෙහිව දකුණු පළාත අතර තිබූ තරගයෙන් දකුණු පළාත පන්දු වාර 15 කට ලකුණු 158 ක් ලබා ජය ගැනීම විශේෂ සිදු වීමක් විය. සැහැල්ලු පන්දු ක්‍රිකට් පිරිම් තරගය 2025 ජූලි 20 දින දක්වා සීනිගම ශ්‍රී විමලබුද්ධි මහා විද්‍යාලයේ දී හා කාන්තා තරගය හික්කඩුව නගර සභා ක්‍රීඩාංගනයේ දී පැවැත් වීමට නියමිතය.