අභිනව රජයේ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළේය
2002 වර්ෂයේ පූර්ණකාලිකයෙකු වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ ව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ලෙස තේරීපත් වූ ඔහු තරුණ නව රැල්ල සංවිධානයේ සහ බාහිර උපාධි සුරැකුම් සංවිධානයේ ද කැඳවුම්කරු ලෙස කටයුතු කළේය. එසේම විෂ මත්ද්‍රව්‍ය විරෝධී සංවිධානය, අලුත් පියාපත් සංවිධානය සහ SYU සහ පරිසර සංවිධාන එකතුවේ ද ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරමින් සිටී. එසේම ජාත්‍යන්තර ප්රගතිශීලී තරුණ සංවිධාන සමඟ ද කටයුතු කරන ඔහු අවස්ථා ගණනාවකදී ලෝක ප්රජාතන්ත්රවාදී තරුණ සම්මේලනය ඇතුළු ජාත්‍යන්තර තරුණ සංවිධාන විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර සමුළු සහ රැස්වීම් වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබීය.