තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් සිය ධුරයේ වැඩ අරඹයි
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් වූ අරුණ බණ්ඩාර මහතා සිය ධූරයේ වැඩ භාරගැනීම 2024.11.20 දින එම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.
ආණමඩුව මධ්‍ය මහා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ අරුණ බණ්ඩාර මහතා කැළණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබද (විශේෂ) ශ්‍රාස්ත්‍රවේදී උපාධියත්, එක්සත් රාජධානියේ වේල්ස් විශ්ව විද්‍යාලයේ සංවර්ධන ප්‍රතිපත්ති සහ සැලසුම් පිළිබඳ ආර්ථික, සමාජ අධ්‍යයන, සංවර්ධන අධ්‍යනය පිළිබද පශ්චාත් උපාධියක් ද හිමිකරගෙන ඇත.
1994 වර්ෂයේ රාජ්‍ය සේවයට එක්වූ අරුණ බණ්ඩාර මහතා අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන ගණනාවක නියෝජ්‍ය අධ්යක්ෂ, අධ්යක්ෂ තනතුරු දරමින් දේශීය හා විදේශීය විශේෂ පුහුණු පාඨමාලා රැසක් හදාරා ඇත.
ක්‍රම සම්පාදන සේවාවේ විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙකු ලෙස වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති මෙතුමා නව රජයේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ලෙස 2024.11.19 දින ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පත්වීම් ලැබීය.
මෙම අවස්ථාවට ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් එක්විය.