ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යධූරයේ වැඩ භාරගැනීම
ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යධූරයේ වැඩ භාරගැනීම 2024.09.24 දින පස්වරුවේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදුවිය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රි, අමාත්‍යාංශ ලේකම් කේ. මහේසන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්විය.
ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නව ආණ්ඩුවේ ගරැ අග්‍රාමාත්‍යතුමිය වන අතර ඉහත වැඩ භාරගත් අමාත්‍යාංශයට අමතරව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශයද එතුමිය යටතේ පවතී.