ත්‍රිවිධ හමුදාව සතු ක්‍රීඩා පහසුකම් පිළිබඳ සාකච්ඡා කිරීම

ත්‍රිවිධ හමුදාව සතු ක්‍රීඩා පහසුකම් පිළිබඳ සාකච්ඡා කිරීම

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාව සතු ක්‍රීඩා පහසුකම් පිළිබඳ සාකච්ඡාවක් 2022 දෙසැම්බර් මස 12 වන දින පෙරවරු 0930 ට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

එම අවස්ථාව සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සංවර්ධන අතිරේක ලේකම් දීපාල් සිරිවර්ධන මහතා, ශ්‍රීලංකා යුධ හමුදා, ශ්‍රීලංකා ගුවන් හමුදා, ශ්‍රීලංකා නාවික හමුදාව නියෝජනය කරමින් එහි ක්‍රීඩා අධ්‍යක්‍ෂවරුන්, ජාතික ක්‍රීඩා සභාවේ ලේකම් සුජානි බෝගොල්ලාගම මහත්මිය, සහ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

          එම අවස්ථාවේදී ත්‍රිවිධ හමුදාව සතු දැනට පවතින ක්‍රීඩා පහසුකම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට භාවිතයට ලබා දීම, අමාත්‍යාංශය යටතේ පවතින සංවර්ධනය කරන ලද ක්‍රීඩා පහසුකම් නිසි ලෙස භාවිතා කිරීම, නඩත්තු කිරිම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීම, ත්‍රාසජනක ක්‍රීඩා ක්‍රියාත්මක කිරීම සහ එම වැඩසටහන් ඔස්සේ සංචාරක ආකර්ශනය වැඩිකර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනිම පිළිබඳව සාකච්ඡා කෙරුණි. තවද, ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහන් සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා දෙන බවද ත්‍රිවිධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂවරුන් විසින් වැඩි දුරටත් දන්වා සිටින ලදි.