ජාතික උසස් කාර්ය සාධන ක්‍රීඩා වැඩසටහන යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට 2022 නොවැම්බර් මසට අදාලව මූල්‍ය දීමනා ප්‍රධානය කිරීම

  • Venue
    n/a
  • Date

    2022-12-09

  • Time

    n/a

ජාතික උසස් කාර්ය සාධන ක්‍රීඩා වැඩසටහන යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට 2022 නොවැම්බර් මසට අදාලව මූල්‍ය දීමනා ප්‍රධානය කිරීම

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික උසස් කාර්ය සාධන ක්‍රීඩා වැඩසටහන යටතේ සංචිත ගත කර ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 178 දෙනෙක් සඳහා 2022 නොවැම්බර් මසට අදාල මූල්‍ය දීමනා ප්‍රදානය කිරීමේ උත්සවය 2022 දෙසැම්බර් මස 08 වන දින පෙරවරු 0930 ට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

එම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා, ගරු අමාත්‍යතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, ජාතික ක්‍රීඩා තේරීම් කමිටු සභාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, ජාතික ක්‍රීඩා සභාවේ ලේකම් සුජානි බෝගොල්ලාගම මහත්මිය, සහ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් ද මෙම උත්සවය සඳහා සහභාගී විය.

තවද, එම අවස්ථාවේදී ජාතික උසස් කාර්ය සාධන ක්‍රීඩා වැඩසටහනට ඇතුළත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට කාණ්ඩ  05ක් යටතේ මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමීම සිදු කරන ලද අතර, ඒ අනුව පළවන කාණ්ඩය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19 දෙනෙකු  සඳහා රු.100,000.00 බැගින්ද, දෙවන කාණ්ඩය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 03 දෙනෙකු සඳහා රු.75,000.00 බැගින්ද, තෙවන කාණ්ඩය යටතේ එක් ක්‍රීඩකයෙක් සඳහා රු.50,000.00 බැගින්ද, සිව්වන කාණ්ඩය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 49 දෙනෙකු සඳහා රු.25,000.00 බැගින්ද, පස්වන කාණ්ඩය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 106 දෙනෙකු සඳහා රු.15,000.00 බැගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 178 දෙනෙකු සඳහා මෙම උත්සවයේදී මූල්‍ය දීමනා පිරිනැමීම සිදු කරන ලදි.